Tuesday, July 08, 2025
Follow Us
ඖෂධ හිඟය ගැන ජනතාවට කියන්න

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයෙන් රාජ්‍ය ඇමතිට ලිපියක්


ඉදිරියේදී ඇති විය හැකි ඖෂධ හිඟය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ දැනට පවතින ඖෂධ සැපයුම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඖෂධ හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින්නේ ද යන්න පිළිබඳ සත්‍ය කරුණු ජනතාවට ප්‍රකාශ කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

ඇති විය හැකි ඖෂධ හිඟය සම්බන්ධයෙන් වන බිය හේතුවෙන් ඇතැම් පිරිස් ඖෂධ විශාල වශයෙන් ගබඩා කර ගැනීම ආරම්භ කර ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

‍මෙම තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බැවින් පවතින ඖෂධ තොග රාජ්‍ය සහ පෞද්ගලික අංශය තුළ සමාන ලෙස ජනතාවට ලබා ගත හැකි ආකාරයට බෙදීයාමේ වැඩපිළිවෙලක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

(Aruna)