Sunday, February 22, 2026
Follow Us
දේවස්ථාන අත්බෝම්බ සිද්ධිය; විශ්‍රාමික වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

බොරැල්ල සියල් ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබිණි.

පසුගිය ජනවාරි 11 වැනිදා මෙම අත්බෝම්බය සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අදාලව පුද්ගලයන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.

මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්‍රාමික වෛද්‍යවරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද අධිකරණය හමුවට කැඳවා තිබූ අතර ඔවුන් තිදෙනා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

(LNW)