Wednesday, September 17, 2025
Follow Us
රත්තරන් මිල නව වාර්තාවක් තබයි : පවුමක් ලක්ෂ එකහමාරයි

මෙරට වෙළෙදපොලේ රන් මිල පළමු වරට රුපියල් එක්ලක්ෂ පනස්දහසේ සීමාව පසුකර ඇති බව හෙට්ටිවිදිය ආශ්‍රිත රන් කර්මාන්තකරුවන් පවසනවා.

අද දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රු.150,000ක් වූ අතර කැරට් 22 රන් පවුමක මිල සඳහන් වුයේ රුපියල් 139,000ක් ලෙසයි.

රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය මෙලෙස රන් මිලෙහි ඉහළ යාමට ප්‍රධාන සාධකයක් වී ඇති අතර, මෙරට වෙළෙදපොලේ රත්තරන් ප්‍රමාණය ද සිඝ්‍රයෙන් හිඟවෙමින් යන බවයි වෙළෙදපල ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා. අද දිනයේදී රන් අවුන්සයක මිල මේ සටහන් වන්නේ ඩොලර් 1974.71ක් ලෙසයි.

ඊයේ රන් අවුන්සයක මිල ඩොලර් 1980.21ක් ලෙස සටහන් ව තිබුණා.

(Neth)