Wednesday, September 17, 2025
Follow Us
පොදු ප්‍රවාහන සේවා අකර්මන්‍ය විමේ අවදානමක්

ඇමතිවරයා කුමන දේ කිව්වත් සමස්ථව අවශ්‍ය ඩීසල් ප්‍රමාණය නිකුත් වෙන්නේ නැහැ


රට තුල පවතින ඉන්ධන හිගය හමුවේ පොදු ප්‍රවාහන සේවා අකර්මන්‍ය විමේ අවදානමක් ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පෙන්වා දෙයි.

එහි කැදවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ ඉන්ධන හිගයෙන් රටේ සෑම කේෂත්‍රයකටම දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

එමෙන්ම පෞද්ගලික ඉන්ධන රථ සේවයෙන් ඉවත් විමේ අවදානමක්ද මතුව ඇති ආනන්ද පාලිත පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ කැදවුම්කරු ආනන්ද පාලිත…

ඇමතිවරයා කුමන දේ කිව්වත් සමස්ථව අවශ්‍ය ඩීසල් ප්‍රමාණය නිකුත් වෙන්නේ නැහැ.
ඩීසල් ඇති පමණ තියෙනවා නම්, ඉන්දිවෙනුත් තව ලක්ෂ ගණන් එනවා නම්, ඇමතිවරයා, සභාපතිවරයා, ලේකම්වරයා නිතරම මේක දොඩනවා නම් රටේ ජනතාව තවත් අදුරේ තියන්න එපා, පෝලිමේ තියන්න එපා. මොකද පෝලිම්වල ඉන්න කොට රෑට විදුලියත් නෑ. රෑට ඉන්ධන ගියාට වැඩකුත් නැති වෙනවා. පිරවුම්හල් වලට කරන්ට් එක නැති නිසා.
ඒක නිසා දවල් වරුවේ බෙදන්න පුළුවන්. පුද්ගලික ඉන්ධන රථ බෙදීමට සූදානම්. ඔවුන්ගේ ඉල්ලීම් නොදුන්නොත් ඉදිරි දින දෙක තුන තුළ ඉන්ධන බෙදාහැරීම් පිළිබදව පෙ$ද්ගලික ඉන්ධන රථ සේවයෙන් ඉවත්වීමේ අවධානමකුත් මේ මොහොත වෙනකොට මතුවෙලාත් තියෙනවා.
අද හෙට නැහැ. දැන් හෙට අනිද්දා වෙන කොට බස්රථ ධාවනය මේ මොහොත වෙන කොටත් අඩු වෙලා තියෙනවා. නවතින තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. පොදු ප්‍රවාහන සේවය ලොරි බස් රථ මේ සියලුදේවල් අක්‍රමන්‍ය වීමේ තත්ත්වයක් දැඩි ලෙස බලපාලා තියෙනවා.
ඒ් නිසා දැනට තියෙන ඉන්ධන ඇතිවෙන්න තියෙන නිසා, නැවෙනුත් බාන නිසා වාහම ඉන්ධන බෙදිය යුතුයි. මොකද ඉන්ධන මිල වැඩි කළේ පරණ මිලට ඉන්ධන ගෙනල්ලා. 203ට ගෙනාපු ඉන්ධන ටික බෙදන්නේ නැතිව රුසියාවේ – යුක්‍රේන කතාවලට ඉස්සෙල්ලා දින 35කට කළින් ගෙනාපු ඉන්ධන ටිකෙන් අද ගසාකාමින් ඉන්දියාවත් එක්ක එකතුවෙලයි ආණ්ඩුව මේ මිල වැඩි කළේ.

(Aruna)