Sunday, February 22, 2026
Follow Us
බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසා ගනී

කොස්වත්ත ප්‍රදේශයෙන් ඇහෙන දුක හිතෙන කථාව


බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇති පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති පුවතක් වෙන්නප්පුව, කොස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

(13) පෙරවරුවේ ලද තොරතුරක් මත මිය ගොස් සිටි දෙදෙනාගේ සිරුරු කොස්වත්ත පොලීසිය විසින් සොයා ගෙන ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ හාල්දඬුවන – දංවැල පාර ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක සේවය කරමින් සිටි දෙනියගේ ලීලාවතී නැමති 60 හැවිරිදි කාන්තාවකි.

සිය දිවි හානි කරගෙන ඇත්තේ, පොල්වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිටි දෙනිය ආරච්චිගේ ඩැනියල් නැමති 65 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Aruna)