ලිට්‍රෝ සමාගම ගෑස් ගැන කියන දේ
සිය සමාගම සතුව ගෑස් තොග පවතින්නේ අද (14) දිනය සඳහා පමණක් බව ලිට්‍රෝ සමාගම පවසයි.
මේ වන විට තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,500 බැගින් වු නෞකා දෙකක් මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අදාළ නෞකාවලට අද දිනය වන විට මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් යළිත් වරක් ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව ලිට්‍රෝ සමාගම පෙන්වාදෙයි.
ණයවර ලිපි විවෘත කිරීම සහ දිවයිනට ළඟා වී ඇති ගෑස් නැව් සඳහා මුදල් ගෙවීමේ ගැටලු හේතුවෙන් දින ගණනක් පුරා වෙළෙඳපොළේ පවතින්නේ දැඩි ගෑස් හිඟයකි.
ඉන් සාමාන්‍ය ජනතාව මෙන්ම ආපන ශාලා හිමිකරුවන් ඇතුළු කර්මාන්තකරුවන් විශාල අර්බුදයකට මුහුණ දී සිටී.
(Aruna)