Sunday, February 22, 2026
Follow Us
දුම්රිය ගාස්තු ඉහළ නංවන්නැයි ඉල්ලීමක්

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් යළි ඉල්ලීමක්


දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ නංවන්නැයි යළි ඉල්ලීම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බස් ගාස්තුවලට සමාන ගාස්තුවකින් අදාළ ඉහළ දැමීම සිදුකරන්නැයි, ඉල්ලන බව එහි සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් ගනිමින්, අදාළ ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

(Aruna)