Sunday, February 22, 2026
Follow Us
පාසැල්වල ජල බිල්පතේ බරත් මව්පියන්ට

පාසැල්වල ජල බිල්පත් මහා භාණ්ඩාගාරය මගින් ගෙවීම අත්හිටුවා ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං පැවසුවේ මෙම තීරණය හේතුවෙන් පවතින ආර්ථික අර්බුද හමුවේ මව්පියන්ට තවත් බරක් පැටවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජල සම්පාදන විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට සිය සංගමය කටයුතු කළ බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)