Sunday, February 22, 2026
Follow Us
ආපනශාලා හිමියන් මිල පාලනයක් ඉල්ලයි - පාරිභෝගික ආරක්ෂණ ඇමති බෑ කියයි

ආහාරපානවල මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත්විය යුතු බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් පැවසුවේ එසේ නොවුනහොත් ආපනශාලා, හෝටල් ආදී ක්ෂේත්‍රයන් කඩාවැටිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් ද නෙත් නිවුස් කරුණු විමසීමක් කළා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේ මොහොතේ මිල පාලනයක් සිදුකළ නොහැකි බවයි. ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යමින් පැවතීම ඊට හේතුව බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

(Neth)