වහාම මරණ පරීක්ෂණ වාර්තාවක් එළියට දානු
නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා පසුගිය 7 වැනිදා පාන්දර සදහාටම දෙනෙත් පියා ගත්තා. පුරා දසවසරක් ශ්‍රි දළඳා මාළිගාවේ වාර්ෂික ඇසලපෙරහරේ සාධාතුක කරඩුව වැඩම කෙරවූ මෙම බෝධි සත්ව ගුණෝපේත ඇත් රාජායාගේ හදිසි අභාවය පිළිබඳ පුවත සකල ලෝක වාසී බෞද්ධ අබෞද්ධ කොයි කවුරුත් කම්පනයට පත් කළා.
නැදුන්ගමුවේ ඇත් රාජයා ජීවතුන් අතර සිටියදී සිදු කළ ඇතැම් ක්‍රියා කාරකම් තිරිසන් සතෙකුට කළ හැකිද කියන ප්‍රශ්නාර්ථය කොයි කා තුළත් තිබුණා. ඒ ඒ ක්‍රියාකාරකම් බුද්ධිමත් මිනිසුන් පවා නොකරන තරම් ඥානාන්විත ඒවා වූ නිසා.
මේ අසාමාන්‍ය බුද්ධිමහිමයක් ප්‍රකට කළ ඒ ඇත් රාජයාගේ අභාවය පිළිබඳ මේ වන විට විවිධ මතවාදයන් පැතිරෙනවා.
මේ පිලිබඳ ව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ අන්දොලනාත්ම ප්‍රකාශයක් අරුණ වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසූහ.
(Aruna)