ඉන්ධන අර්බුදය බුලත් වලටත් බලපායි
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග බුලත් අස්වැන්න අඩුවීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ බුලත් අතක තොග මිල රුපියල් තුන්සීයත් හාරසීයත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව බුලත් වෙළෙන්දෝ පවසති. ඒ අනුව සිල්ලරට බුලත් කොළයක් රුපියල් දහයකට අලෙවි වේ.
බුලත් වගාව සිදු කරන ප්‍රදේශයන්හි අස්වැන්න අඩුවීම හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිවීමෙන් බුලත් වෙළෙඳාම සඳහා ප්‍රසිද්ධ කුලියාපිටිය, අලව්ව, දෙණියාය, අකුරැස්ස, මොරවක, නෙළුව යන නගරයන්හි මේ දිනවල බුලත් සඳහා විශාල ඉල්ලුමක් පවතියි.
මේ හේතුවෙන් බුලත් මිල ඉහළ යෑමට සාපේක්ෂව බුලත් විටක මිලද රුපියල් පහකින් පමණ ඉහළ ගොස් ඇත. වෙළෙඳුන් පෙන්වා දෙන්නේ ඩීසල් අර්බුදය හේතුවෙන් ප්‍රවාහන ගැටලුව නිසා වෙළෙඳපොළ වෙත ලැබෙන බුලත් ප්‍රමාණය සියයට හතළිහකින් පමණ අඩු වී ඇති බැවින් ඉදිරියේ දී බුලත් විටක මිල රුපියල් විස්සකින් වුවද ඉහළ යා හැකි බවයි.
(Aruna)