Monday, July 07, 2025
Follow Us
පෞද්ගලික බස් හිමියන් අදම සහනයක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බොහෝදුරට අද දහවල් වනවිට පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන් ඇනහිටීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ ගාස්තු වැඩිකිරීමක් අද දිනයේම අවශ්‍ය වන බවයි.

සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ සිය විධායක සභාව අද පෙරවරුවේ රැස්වී බස් ධාවනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

(Neth)