Monday, July 07, 2025
Follow Us
ත්‍රීරෝද ගාස්තුවත් ඉහළට

පළමු කිලෝමීටරය රුපියල් 80ක් වෙයි


ධාවනයේදි පළමු කිලෝමීටරය සදහා අය කෙරෙන ත්‍රීරෝද රථ ගමන් ගාස්තුව රුපියල් 80 ක් දක්වා ඉහළ දැමීමට සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය යෝජනා කර තිබේ.

එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 50ක ලෙස අය කිරීම සාධාරණ බවයි.

ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මත සලකා බැලීමේදි එය සාධාරණ ගාස්තුවක් බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)