පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඊෙය් මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ පාන් ගෙඩියක මිල රුපියල් 20ත් 30ත් අතර මිලකින් ඉහළ දමන බවයි.
ඒ අනුව මේ වන විට රුපියල් 70ක මිලට අලෙවි වන පාන් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා ඉහළ යනු ඇත.
එමෙන්ම ඊට සාපේක්ෂව බනිස් ගෙඩියක මිලද රුපියල් 10කින් ඉහළ දමන බව ඒ මහතා පැවසීය.
පාන් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.
(Aruna)