කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උදේ කාලයේදී ද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව එම නිවේදනයේ දැක්වෙයි.
මධ්‍යම, දකුණු , සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි
(Aruna)