Wednesday, October 23, 2024
Follow Us
නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව තමා සම්බන්ධයෙන් අසත්‍ය, පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

තමා ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට අපරාධ චෝදනා එල්ල කරමින් මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් නීතිපතිවරයා වැඩිදුරටත් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ මෙය දේශපාලන වේදිකාවක් නොවන බව වන අතර

පුජිත් ජටුඅසුන්දර මහතා විසින් ඉදිරිපත් ඇති දිවුරුම් ප්‍රකාශයෙන් තමන් ජනාධිපති හා බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සමඟ හවුල් වී බොරු නඩුවක් ගොනු කර තමා එම තනතුරෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කරන බව සදහන් කර ඇතැයිද නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

(Aruna)