Saturday, June 27, 2026
Follow Us
සංගක්කාරගෙන් පැහැදිළි කිරීමක්

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන තමා සම්බන්ධ කර ගත් ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බවයි සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක කුමාර් සංගක්කාර පවසන්නේ.

අදාළ පුවත ව්‍යාජ එකක් බවයි සංගක්කාර අවධාරණය කර ඇත්තේ.

අදාළ ඡායාරූපයෙහි දැක්වුණේ කුමාර් සංගක්කාර ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇති බවයි. මෙම ඡායාරූපය සහිත ප‍්‍රවෘත්තියට ලොව හිටපු සුපිිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන එංගලන්තයේ කෙවින් පීටර්සන්ද අදහස් පළ කර තිබුණා.

(Neth)