වැඩිම ඩෙංගු රෝගීන් බස්නාහිර පළාතෙන්
මේ වසරේ ගතවූ මාස දෙකේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගතවූ වසරට සාපේක්ෂව දෙගුණයකින් වැඩි වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පසුගිය වසරේ මුල් මාස දෙක තුළදී වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් හාරදහස් නවසිය එකොළහක් වුවද, මෙම වසරේ ගතවූ මාස දෙකේදී ඩෙංගු රෝගීන් දහදහස් හයසිය අසූ අට දෙනකු වාර්තා වී තිබේ.
එම රෝගීන් සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව පන්දහස් තුන්සිය නවයකි. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුරය, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ද ඒකකය සඳහන් කරයි.
(Aruna)