Sunday, February 22, 2026
Follow Us
හෙට විදුලිය කැපෙන හැටි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින් බලන්න


හෙට (11) දින විදුලි කප්පාදුව සිදුකිරීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K සහ L කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙයි.

එම කලාපවල සවස් කාලයේ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

ඊට අමතරව P, Q, R, S, T, U, V, W කලාපවල සඳහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙයි.

(Aruna)