ඩීසල් රු. 128කින් සහ පෙට්‍රල් රු. 80කින් පාඩුයි
ඉන්ධන මිල සංශෝධනය කිරීමේ බලය සංස්ථාවට පමණක් තිබුණේ නම් අනිවාර්යයෙන්ම මිල වැඩිකිරීමක් සිදුකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසයි.
ලෝක වෙළෙදපළ තුළ ඉන්ධන මිල ඉහළයාමත් සමග වැයවන පිරිවැයට සාපේක්ෂව ඉන්ධන මිල ඉහළ නැවීමක් කළ යුතු බවට තමන් රජයට යෝජනා කළ බව ද ඔහු පැවසීය.
ඊට හේතු දක්වමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ වන විට සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 128ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක පාඩුවක් සිදුවන බවයි.
ඔහු මේ බව පැවසුවේ “බලශක්තිය රටට ශක්තිය” තේමාව යටතේ අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය අමතමිනි.
පවතින ඉන්ධන මිල ගණන් අනුව වැයවන වියදම රජයට දැරීමට නොහැකි බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
(Aruna)