Sunday, February 22, 2026
Follow Us
කොවිඩ් වෛරසයේ අලුත්ම ප්‍රභේදයක් සොයාගනී

නව කොවිඩ් වෛරසය 17දෙනෙකුට ආසාදනය වෙයි


ලොව මෙතෙක් හදුනාගත් කොවිඩ් වෛරස අතරින් බියකරුම කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම කොවිඩ් වෛරස දෙකෙහි ජාන මුසුවී නව කොරෝනා දෙමුහුම් ප්‍රභේදයක් ඇතිවී ඇති බවට පර්යේෂකයින් පෙන්වා දෙයි.

පර්යේෂකයින් එය හදුන්වා දී ඇත්තේ “ඩෙල්ටාක්‍රෝන්” යනුවෙනි.
ඩෙල්ටාක්‍රෝන් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 17දෙනෙකු මේ වන විට හදුනාගෙන තිබේ.

ඇමෙරිකාවෙන් හා යුරෝපයෙන් එම ආසාදිතයින් හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

(Aruna)