පිපිරීමෙන් පුද්ගලයෙකු මරුට
මුලතිව් නට්ටාන්කණ්ඩල් පොලිස් වසමේ සිරාට්ටිකුලම් ප්‍රදේශයේ කැලෑවක පිපිරීමක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (09) සිදුවූ පිපිරීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මල්ලාවි රෝහලට රැගෙන යාමෙන් පසුව මියගිය බවයි.
මියගිය පුද්ගලයා කැලෑවට ගිය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.
එමෙන්ම පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක් ද යන්න පිළිබදව සොයා බැලීම සදහා පරීක්ෂණ කටයුතු අද (10) ආරම්භ කරන බව පොලීසිය පැවසීය.
පිපිරීමෙන් මියගියේ නට්ටාන්කණ්ඩල් උලවනේරි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ධර්මලිංගම් ඉලංකෝ නමැති අයෙකුය.
මේ සම්බන්ධයෙන් නට්ටාන්කණ්ඩල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.
(Aruna)