රටේ පවතින ඉන්ධන සහ ගැස් අර්බුදය හේතුවෙන් එළවලු වෙලදාම සියයට 40 කින් පහල බැස ඇති බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.
එහි සභාපති අරුණ ශාන්ත හෙටිටිආරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ පවතින ඩිසල් හිගය හේතුවෙන් වාහන වලින් ගොවිපොලට ගොස් ගොවින්ගේ එළවලු අස්වැන්න මිලදි ගැනිමට හෝ ගෝවින්ට තම අස්වැන්න වෙළදපොල වෙත රැගෙන ඒමට නොහැකි තත්වයක් උද්ගත වි ඇති බවයි.
පවතින ගැස් හිගය හේතුවෙන් සංචාරක ආපන ශාලා, සංචාරක නිවාඩු නිකේතන ඇතුළු ආපන ශාලා තාවකාලිකව වසා දමා ඇති බැවින් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල එලවලු වෙළදාම පහල වැටි ඇති බව ඔහු පැවසුවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථානවල මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.
නුවරඑළියේ සංචාරක කර්මාන්තයේ නියලි සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් ද පවතින ඩිසල් හා ගෑස් හිගය හේතුවෙන් දැඩි බලපැමකට ලක්ව සිටිනවා.
(Neth)