Monday, July 07, 2025
Follow Us
සෙල්ෆි ඡායාරූපයක් නිසා අහිමුවූ ජීවිතය

13 හැවිරිදි දරුවෙක් දියේ ගිලෙයි


ඉපලෝගම කුංචිකුලම ප්‍රදේශයේ ජය ගඟ ඉවුරේ ගසකට නැග “සෙල්ෆි” ඡායාරූපයක් ගැනීමට උත්සහ කළ දරුවෙක් ගඟට ඇද වැටී තිබේ.

ගඟට වැටුණු දරුවා පසුව දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ 13 හැවිරිදි කුංචිකුලම, ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

පොලීසිය පැවසුවේ ඊයේ (07) සවස අතුරුදන් වූ දරුවා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් තවමත් නොලැබුණ බවය.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව දරුවා සෙවීමේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

මේ අතර, ඊයේ සවස මාන්කුලම් පුදිය කොලණිය ප්‍ර දේශයේ පිහිටි නිවසක ලිඳකට වැටී කුඩා දැරියක් මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි පුදිය කොළණිය ප්‍රදේශයේ පදිංචි දැරියකි.

මාන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(Aruna)