Thursday, January 01, 2026
Follow Us
පළමු තරගයට පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම

හෙට ඉන්දියාවේ මොහාලි හිදී ආරම්භවෙයි


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය හෙට ඉන්දියාවේ මොහාලි හිදී ආරම්භවෙයි.

එම තරගයේදී ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ඉඟියක් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළකර ඇත.

ඔහු පවසා ඇත්තේ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කිරීමට නියමිත බවය.

එසේම වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හෙට තරගය සඳහා විවේක ගැන්වීමට ඉඩ ඇති බවද වාර්තා වෙයි.

හෙට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

දිමුත් කරුණාරත්න (නායක)
ලහිරු තිරිමාන්න
පැතුම් නිස්සංක
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
චරිත අසලංක
නිරෝෂන් දික්වැල්ල
සුරංග ලක්මාල්
ලසිත් ඇඹුල්දෙණිය
ලහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු

(Aruna)