Thursday, January 01, 2026
Follow Us
පැතුම් නිස්සංක 20 යි 20 ලොව හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නවතම 20 යි 20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව මුල් පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණ තිබෙනවා. ඒ, නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 20 යි 20 පිතිකරු ලැයිස්තුවේ 09 වන ස්ථානය හිමිකර ගනිමින්.

මීට පෙර සිදු කෙරුණු 20 යි 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංකට හිමිව තිබුණේ 20 යි 20 ශ්‍රේණිගත කිරීම්වල 15 වන ස්ථානයයි. ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වලදී 20 යි 20 පිතිකරු ලැයිස්තුවේ ස්ථාන 06 ක් ඉදිරියට පැමිණීමට ඔහු සමත්ව තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු 20 යි 20 ශ්‍රේණිගත කිරීම්වල පිතිකරු ලැයිස්තුවේ මුල් 10 දෙනා අතරට තේරීපත් වුණේ වසර 06 කට පසුව වීම විශේෂත්වයක්. අවසන් වරට එවැනි දස්කමක් දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ කුසල් ජනිත් පෙරේරායි.

(Neth)