කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලකුළින් බරව පවතින බව ඔවුන් සඳහන් කළේය.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක වැසි ඇති විය හැකිය.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 – 50 දක්වා වැඩිවේ.
මේ අතර, නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතනයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇත.
එම පද්ධතිය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි කිහිපයේ දී මාර්තු 4 සහ 5 දිනවල ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ
(Aruna)