රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පවතින්නේ සති 6කටයි
තවත් සති 3ත් – 6ත් අතර කාලයකදි මෙරට තුළ ඖෂධ හිගයක් ඇතිවීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය පවසයි.
එම සංගමයේ සභාපති සංජීව විජේසේකර මහතා පැවසුවේ රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග තවත් සති කිහිපයකින් අවසන්වීමට නියමිත බවයි.
මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව ප්‍රායෝගික නොවන මිල රෙගුලාසි සහ ඩොලර් අර්බුදය බව ඒ මහතා පෙන්වා දෙයි.
සංජීව විජේසේකර මහතා මේ බව පැවසුවේ (02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
භාණ්ඩ ප්‍රවාහනයේ ඇති අභියෝග සහ ඖෂධ සදහා වන අමුද්‍රව්‍ය මිල ඉහළ යාම වැනි ගෝලීය ගැටලු මෙම කර්මාන්තයට බලපෑම් කර ඇති බව ද ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය වැඩිදුරටත් පැවසීය.
(Aruna)