වාහන මිල ස්ථාවර වෙයි
වාහන වෙළෙදපොලේ මිල මේ වන විට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන අලෙවිකරුවෙකු වන සරත් යාපා බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ වාහන ආනයනය නොවන පසුබිමක වාහන මිල ඉහළ පහළ යාමක පසුගිය කාලවකවානුවේ පැවැතිය ද මේ වන විට එය වාහන මිල ගණන් යම්කිසි ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවයි.
එමෙන්ම වාහන මිල ගණන් ඉහළයාමක් හෝ අඩුවීමක් නිසා මේ වන විට වෙළෙදපොළේ වාහන නැති බවට පැතිර යන කටකතාවට පිළිතුරු දෙමින් සරත් යාපා බණ්ඩාර මහතා පැවසුවේ මෙරට තුළ වාහන අලෙවියේ කිසිදු අඩුවක් නොමැති බවයි.
(Aruna)