Monday, February 23, 2026
Follow Us
බූස්ටර් මාත්‍රාව නොගත් 60 ට වැඩි ලක්ෂ 8 ක් අවදානමේ

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතරින් ලක්ෂ 08 ක් තවමත් බූස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ පැවසුවේ එන්නත ලබා නොගත් අවුරුදු 60 ට වැඩි පිරිස දැඩි අවදානමක සිටින බවයි.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ වැදගත්කම ද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ පෙන්වා දුන්නා.

මේ අතර ඊයේ දිනයේද කොවිඩ් ආසාදිතයින් 1,254 ක් හදුනා ගැණුනා. ඊයේ වාර්තා වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොරෝනා මරණ ගණන 31 ක්.

(Neth)