Monday, July 07, 2025
Follow Us
උ/පෙළ සිසුන්ට දැනුම්දීමක්

විභාගේ අවසන් සිසුන්ට සෞඛ්‍ය අංශෙන් කල ඉල්ලිම මෙන්න


උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත සියලු විෂයන් අවසන් වී ඇත්නම් වහාම කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

මේ වන විට පාසල් ළමුන් අතර කොවිඩ් එන්නත ලබාදීම සාර්ථකව සිදුවෙමින් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය.

“පාසල් වැඩසටහනක් විදියට පාසල් පද්ධතියේ අවුරුදු 12ත් – 16ත් අතර දරුවෝ 745,000ක් මේ වනවිට ඉතාමත් ආරක්ෂිතව කිසිදු සිදුවීමක් නැතුව එන්නත ලබාදීලා තියෙනවා. ඊට අමතරව 16ත් 19ත් අතර, වයස් කාණ්ඩයේ දරුවෝ මිලියන 1.1කට එන්නත ලබාදීලා තියෙනවා. පාසල් වැසීම තුළ පාසල් වැඩසටහනේ යම්කිසි අඩුවක් සිදුවුණා. දැන් උසස් පෙළ සමහර විෂය ධාරාවන් ඉවරයි. ඒ දරුවන්ට ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකින් ම තමන්ගේ දෙවන මාත්‍රාව ලබාගන්න පුළුවන්. ඒ ළමුන්ගේ විභාගය ඉවර නම්, විෂයන් පැහැදිලිවම MOH එකට ගිහින් ඒක ගන්න පුළුවන්. රට පුරාම පැහැදිලි යාන්ත්‍රණයක් තියෙනවා එන්නත් බෙදා දෙන්න.”යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය

(Aruna)