විදුලි අර්බුධයට මඟ පෑදූ ප්‍රධාන සාධක අතර ඉන්ධන සැපයීම ප්‍රමාණවත් නොවීම ප්‍රධාන කරුණක්. විදුලි නිෂ්පාදනය කෙසේවෙතත්, දෛනික පරිභෝජනයට පවා ඉන්ධන සොයා ගැනීම මේ වන විට ගැටලුවක් වී තිබෙනවා. ඒ, බොහෝ පිරවුම්හල්වලට ඉන්ධන තොග ප්‍රමාණවත් පිරිදි නොලැබීම හේතුවෙන්.
ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවට සඳහන් පුවරු ද ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කර තිබෙනවා. ඉකුත් දින කිහිපයේම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණු අතර එය ඊයේ දිනයේ වඩාත් තීව්‍ර වී තිබුණා.
නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පාරිභෝගිකයින් පැවසුවේ ඉන්ධන ලබාගැනීම සඳහා තමන්ට සැලකියයුතු වේලාවක් පෝළිම්වල රැදී සිටීමට සිදුවූ බවයි.
මේ වන විට ප්‍රමාණවත් පරිදි රට තුළ ඉන්ධන තොග නොමැතිද ? ඉන්ධන රැගෙන ආ නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සිදුවන්නේ නැද්ද ? ඇතැම් පාර්ශව පැවසුවේ ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඉන්ධන ගොඩබෑමට නොහැකිව කොළඹ වරායට පැමිණි ඉන්ධන නැව් දෙකක් දින 03 ක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බවයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්සථාවෙන් විමසීමක් කළා. එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ අදාළ නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවයි.
කෙසේවෙතත් ඉන්ධන ගොඩබෑම සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ඔහු පැවසුවා.
ජනතාව වැඩි වශයෙන් ඉන්ධන ලබා ගැනීමට මේ දිනවල යොමු වී ඇත්තේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල වැඩි කරනු ඇතැයි යන බිය හේතුවෙන්.
බලශක්ති අමත්‍ය උදය ගම්මන්පිල විසින් ම මේ වන විටත් ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ ඉන්ධන මිල වැඩිවීමක් හෝ ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කිරීමක් සිදුකළ යුතු බවයි. එසේ නොමැතිව තත්ත්වය පවත්වාගෙන යානොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන මිල වැඩිවීමක් සිදු වෙයිද ? මේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්සථාවේ සභාපති සුමිත් විජේසිංහ.
මේ වන විට ඩීසල් ලීටරයකින් රුපියල් 52 ක් ද, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 19 ක් ද පාඩු ලබන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විටත් මුදල් අමාත්‍යංශය දැනුවත් කර තිබෙනවා.
මේ අතරතුර ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය බැංකුවලට නියෝග කර ඇත්තේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ණය ලබාදිය හැකි සීමාව ඉක්මවා ණය ලබානොදෙන ලෙසයි. එමෙන්ම මෙරටට ඉන්ධන ගෙන එන නෞකා සඳහා ඩොලර් සොයාදීම මහ බැංකුවේ කාර්්‍යභාරයක් නොවන බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර පවතින බලශක්ති අර්බුධය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දිනයේද හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
(Neth)