තියුණු ආයුධයකින් පහරදීලා
ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
එලෙස මියගොස් ඇත්තේ, 43 හැවිරිදි කල්දෙමුල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
(Aruna)