Thursday, January 01, 2026
Follow Us
දෛනික ඉන්ධන අවශ්‍යතාව ඉහළට

මෙට්‍රික් ටොන් 8,000ක් දක්වා ඉහළට


දෛනික ඉන්ධන අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, සතියකට මෙට්‍රික් ටොන් 5,500ක්ව පැවැති ඩීසල් ඉල්ලුම මේ වන විට මෙට්‍රික් ටොන් 8,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම මෙට්‍රික් ටොන් 3,000ක්ව පැවැති පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් 4,500ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

මෙය බරපතළ තත්ත්වයක් බව පෙන්වාදෙන සභාපතිවරයා මෙය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගතයුතු බවද සඳහන් කර සිටියේය.

(Aruna)