Thursday, January 01, 2026
Follow Us
සහල් ආනයනයෙන් මෙරට වී මෝල් 500 ක් අක්‍රීය වූ බවට චෝදනා

පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය සහල් ආනයනය කිරීම හේතුවෙන් මාස 03 ක් තුළ වී මෝල් 500 ක් අක්‍රීය වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි සභාපති මුදිත් පෙරේරා පැවසුවේ සහල් නිෂ්පාදන කර්මාන්තය කඩා වැටීමෙන් රට තුළ ඒකාධිකාරියක් ගොඩනැගෙන බවයි.

සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා මීට පෙර නිකුත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකළ හොත් ඉදිරියේදී සියලු වී මෝල් වසා දැමීමට සිදුවන බවයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

 

(Neth)