Thursday, January 01, 2026
Follow Us
මෙරටට ආ වාහන වර්ග මෙන්න

සුඛෝපභෝගී මෝටර් රථ සංඛ්‍යාව 176 ක්


පසුගිය 2021 වසරේදී මෙරට සුඛෝපභෝගී වාහන 2,384 ක් ලියාපදිංචි කර ඇති අතර, ට්‍රැක්ටර් දස දහසකට වැඩි සංඛ්‍යාවක් ආනයනය කර තිබෙනවා.

කෙසේ නමුත් අනෙකුත් මෝටර් රථ සහ ත්‍රිරෝද රථ මෙරටට ගෙන්වා නොමැත්තේ ආනයන සීමාවන් පැනවීම හේතුවෙන්.

2021 වසරේදී විශාල ප්‍රමාණයේ ට්‍රැක්ටර් 8,067 ක් ලියාපදිංචි කර ඇති අතර, එලෙස ලියාපදිංචි කළ කුඩා ප්‍රමාණයේ ට්‍රැක්ටර් රථ සංඛ්‍යාව 2,116 ක්.

මේ වසරේ ජනවාරි මාසයේ දී ලියාපදිංචි කෙරුණු සුඛෝපභෝගී මෝටර් රථ සංඛ්‍යාව 176 ක් වන අතර, ඉන් 118ක් මෙරටදී එක්රැස් කරන ලද ඒවායි.

එමෙන්ම ජපන් රජය මගින් පරිත්‍යාගයක් ලෙස ලබාදුන් ටොයෝටා ලෑන්ඩ් කෲසර් ජීප් රථ 28 ද ඊට ඇතුළත්.

(Aruna)