Thursday, January 01, 2026
Follow Us
දූෂණය හා භීෂණය හිස ඔසවමින් තියෙනවා – කාදිනල් හිමි

ජනතාව ධාර්මිකව කටයුතු කිරීමට පෙළඹිය යුතුයි


වර්තමානයේ දී රට තුළ දූෂණය සහ භීෂණය වැඩිවෙමින් පවතින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාව ධාර්මිකව කටයුතු කිරීමට පෙළඹිය යුතු බවය.

කළුතර සිරිකුරුස දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම අදහස් පළ කළේය.

(Aruna)