Thursday, January 01, 2026
Follow Us
ඉන්ධන නැතිව බලාගාර තුනක් නවතී

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 370ක් අහිමි වෙයි


ජාතික විදුලි පද්ධතියට අද (20) මෙගාවොට් 370ක් අහිමි වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ, සපුගස්කන්ද හා යුගදනවි යන බලාගාර ඉන්ධන නොමැතිව අක්‍රිය වීම හේතුවෙනි.

දැවිතෙල් මෙන්ම ඩීසල්වලින්ද විදුලිය ජනනය කළ හැකි කෙරවලපිටිය යුගදනවි බලාගාරය මේ වනවිට අක්‍රිය වී තිබෙන අතර එමගින් මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමිව ඇත.

එම බලාගාරය සඳහා දැවිතෙල් ආනයනය කළ යුතු වන අතර මෙතෙක් බලාගාරය සක්‍රිය කෙරුණේ ඩීසල් භාවිතයෙනි.

මීට අමතවර දැවිතෙල් සංචිත අවසන් වීම හේතුවෙන් අද පෙරවරුවේ සපුගස්කන්ද ඇ හා ඹ් බලාගාර යළි අක්‍රිය වී තිබෙන අතර මෙගාවොට් 100ක් එමගින් පද්ධතියට අහිමි වී තිබේ.

ඒ අනුව මේ වනවිට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 370ක් අහිමි වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම හිඟය අද දහවල් කාලයේ ජල විදුලියෙන් ආවරණය කරගන්නා නමුත් රාත්‍රි කාලයේ විදුලි සැපයුමට මෙම තත්ත්වය බාධාවක් විය හැකි බව වාර්තා වේ.

(Aruna)