Thursday, January 01, 2026
Follow Us
ඔමික්‍රෝන් ගැන අලුත් අනාවරණයක්

විශේෂඥ වෛද්‍යවරියකගෙන් පැහැදිලි කිරීමක්


නිධන්ගත රෝග සහ වෙනත් සංකූලතා පවතින රෝගීන් ඔමික්‍රෝන් වෛරස් ප්‍ර‍භේදය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව පවුල් සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.

ඔමික්‍රෝන් රෝගයේ රෝග ලක්ෂණ ඉතාම පීඩාකාරී නොව හෙයින් සංකූලතා සහ නිධන්ගත රෝග තිබෙන රෝගීන් පවා නිවෙස්වලට වී සිටින බවට පැහැදිලි තොරතුරු වාර්තා වී තිබෙන බව ඇය පවසයි.

මෙය ඉතාමත්ම භායානක තත්ත්වයක් බවත් රෝගයේ රෝග ලක්ෂණ අවමව පැවතියත් නිධන්ගත රෝග වලින් පෙළෙන පිරිසට විශේෂයෙන් බූස්ටර් මාත්‍රාව නොගත් රෝගීන් හට ඉතාමත්ම දරුණු සංකූලතා වලින් අවදානමට ලක් විය හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)