Tuesday, July 08, 2025
Follow Us
භාණ්ඩ හිඟයේ වැඩිම බලපෑම දුප්පතුන්ටයි - ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි

රට තුළ පවතින භාණ්ඩ හිඟයෙන් වඩාත් දුෂ්කරතාවන්ට මුහුණ පා ඇත්තේ පහළ ආදායම් ලබන පිරිස් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.

වර්ථමානය වනවිට පාරිභෝගිකයන් අතර භාණ්ඩ බෙදා හැරීම ජාලගත ක්‍රම හරහා වැඩි වශයෙන් සිදුවීම එම තත්ත්වයට දැඩි ලෙස බලපා ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

අත්තනෝමතික ලෙස හැසිරෙන වෙළඳපල බලවේග පාලනය කළ හැකි ක්‍රම ඕනෑ තරම් පැවතිය ද රජය එවැනි කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා තත්ත්වයක් දක්නට ලැබෙන බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

(Neth)