Monday, February 23, 2026
Follow Us
ඇල්ලේ සංචාරක හෝටලයක විනෝදය මරණයකින් කෙළවර වෙයි

ඇල්ලේ සංචාරක හෝටලයක දෙවැනි මහලෙන් ඇදවැටී 28 හැවිරිදි චෙක් ජාතිකයෙක් මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා.

ඔහු තවත් සංචාරක පිරිසක් සමග ඊයේ රාත්‍රියේ විනෝද වෙමින් සිටියදී මෙසේ ඇදවැටී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මෘත දේහය දෙමෝදර ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂනය සදහා බදුල්ල මහ රෝහලට රැගෙන යාමට නියමිතව තිබෙනවා.

(Neth)