Thursday, April 09, 2026
Follow Us
ඩීසල් රැගත් තවත් නෞකාවක් අද මෙරට මුහුදු සීමාවට

තවත් ඉන්ධන නැවක් අද මෙරටට ළඟාවීමට නියමිතව තිබෙනවා.

එමඟින් ඩීසල් මෙට්‍රික් ටොන් 37,000 ක් රැගෙන එන බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක් රැගත් නෞකාවක් ඊයේ දිනයේදී මෙරට මුහුදු සීමාවට ළඟා වුණා.

කෙසේවෙතත් එම ඉන්ධන ගොඩබෑම ලබන සඳුදා සිදු කෙරෙන බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊට හේතුවී ඇත්තේ සති අන්තයේ බැංකු නිවාඩු දින වන බැවින් අදාළ ගණුදෙනු සිදු කිරීමට නොහැකි වීමයි.

(Neth)