Thursday, January 01, 2026
Follow Us
වර්ජනය ගැන රජයේ වෛද්‍යවරුන් ගත් තීරණය

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව


2022 පෙබරවාරි 21 වන සඳුදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ (18) දින සිය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

එම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

(Aruna)