පැය 36ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයක අද (18) පෙරවරු 10 සිට පැය 36ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද (18) පෙරවරු 10 සිට 19 වන සෙනසුරාදා පස්වරු 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
මෙම ජල කප්පාදුව කොළඹ 01,07,09,10,12 යන ප්‍රදේශ වලට බලපැවැත්වෙනු ඇත.
මීට අමතරව කොළඹ 08 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.
(Aruna)