Tuesday, July 08, 2025
Follow Us
කොවිඩ් වෛරසය පැතිරයාම ඉහළට

එකම පුද්ගලයාට අවස්ථා කිහිපයකදී කොවිඩ් වැළදීම කණගාටුදායක තත්ත්වයක්


එකම පුද්ගලයාට අවස්ථා කිහිපයකදී කොවිඩ් වෛරසය ආසාදන වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබීම කණගාටුදායක තත්වයක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ දිනවල බිම් මට්ටමින් එවැනි ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් නිරීක්ෂණය වී ඇති බවයි.

වෛරසය පැතිරයාම ඉහළ ගොස් ඇති නමුත් රෝගීන් වාර්තාවීම සංඛ්‍යාත්මකව අඩු අගයක් පෙන්නුම්කරන බව උපුල් රෝහණ සදහන් කරයි.
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට ලබන අප්‍රේල් 30 වනදා සිට පොදු ස්ථාන වෙත පැමිණිම අත්හිටුවමින් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය සම්බන්ධයෙන්ද උපුල් රෝහණ පැවසීය.

(Aruna)