Tuesday, July 08, 2025
Follow Us
චමුදිතගේ නිවසට පහර දීමේ සිද්ධිය පිළිබඳ අලුත් ම කතාව මෙන්න

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගය


මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිසියට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් සී.සී.ටී.වී. කැමරා විශ්ලේෂණය ද සිදු කෙරෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව විශේෂයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවස සහ අවට නිවාසවල සතියක පමණ කාලයක සී.සී.ටී.වී. දර්ශන මෙලෙස විශ්ලේෂණය කිරීම ආරම්භ කරන බවයි පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

(Aruna)