Tuesday, July 08, 2025
Follow Us
ගැබිණි මව්වරුන්ට බූස්ටර් එන්නත

අම්මටයි දරුවටයි එන්නතින් රැකවරණය


ගර්භණී මව්වරුන් සඳහා ද බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසයි.

බුස්ටර් එන්නත ලබාදීම මඟින් ගර්භණී මව්වරුන්ට මෙන්ම ඉපදීමට සිටින බිලිඳුන්ට ද රැකවරණය හිමි වන බව ඔහු පෙන්වාදෙයි.

“ගර්භණී කාන්තාවන්ට මේ එන්නත නිර්දේශ කළා. මේක ඉතාම වැදගත් ගර්භණී කාන්තාවන්ට සම්පූර්ණ එන්නත්කරණය බූස්ටර් එන්නත ඇතුළුව ලබාදීම. පහුගිය කාලයේ අපි දැකපු දෙයක් තමා පුර්ණ එන්නත්කරණය, ඒ කියන්නේ බූස්ටර් එන්නත ලබාදුන්න ගර්භණී කාන්තාවන්ට කිසිදු ආකාරයක සැලකියු යුතු සංකූලතාවයක් කොවිඩ් රෝගය නිසා ඇති වුණේ නෑ. අපි දන්නවා මේ එන්නත්කරණයට භාජනය කරත් කෙනෙකුට රෝගය හැදෙන්න පුළුවන්. හැබැයි එමඟින් සංකූලතා ඇති වෙන්නේ නැත්නම් අපි ඒ ගැන අනවශ්‍ය බයක් ඇති කරගන්න ඕනේ වෙන්නේ නෑ. ගර්භණී කාලය කියන්නේ විශේෂිත කාලයක්. ඒ කාලයේ දී ආරක්ෂාව ලැබෙනවා. මවගේ ආරක්ෂාවටත් දරුවාගේ ආරක්ෂාවටත් පූර්ණ එන්නත්කරණයට ලක්වීම ඉතා වැදගත්.”

(Aruna)