Thursday, January 01, 2026
Follow Us
උපකාරක පන්තියක කාන්තා වැසිකිළියේ රහස් කැමරාවක්

පොලිස් තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය විමර්ශන අරඹයි


ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක නවීණ කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිස් තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ ආයතනයේ උපකාරක පන්තියකට සහභාගි වූ ශිෂ්‍යාවන් පිරිසක් මෙම කැමරාව දැක දෙම්පියන් දැනුවත් කිරීමෙන් පසුව පොලිසියට පැමිණි කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
එම කැමරාවේ දර්ශන ජංගම දුරකථයකින් හෝ ලැප්ටොප් පරිගණයකින් සජීවීව නැරඹීය හැකි ආකාරයට සකස් කර තිබූ බව ද පොලීසිය සදහන් කරයි.

මෙම සිද්ධිය පිළිබඳව එම උපකාරක පන්ති ආයතනයේ හිමිකරු සහ ගුරුවරු ඇතුළු පුද්ගලයන් 10 කට වැඩි සංඛ්‍යාවකින් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

අදාළ කැමරා සවිකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පැවසීය.

(Aruna)