Monday, February 23, 2026
Follow Us
ශ්‍රී ලකාවට එරෙහි 20 - 20 තරඟාවලිය ඕස්ට්‍රේලියාව කලින්ම ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය 3 ට බිංදුවක් ලෙස ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, තවත් තරඟ දෙකක් ඉතිරිව තිබියදීයි.

ඊයේ පැවති තුන්වන තරඟය ඕස්ට්‍රේලියාව කඩුලු 06 කින් ජය ගත්තා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා පිළේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 06 ක් බිදවැටී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 121 කට සීමා වුණා. ශ්‍රි ලංකා පිළේ මුල් කඩුලු 04 පන්දුවාර 07 ක් තුළ බිද වැටුණේ ලකුණු 40 ක් තුළයි. දසුන් ශානක නොදැවී ලකුණු 39 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 25 ක් රැස් කළා.

ඊයේ තරඟයේදී පන්දුවාර 04 ක් යවා ලකුණු 14 ක් පමණක් ලබාදෙමින් ශ්‍රී ලංකා පිලේ එක් කඩුල්ලක් දවා ගැනීමට ඕස්ට්‍රේලියාවේ ඇස්ටින් ඒගර් සමත් වුණා. ඔහුගේ මව ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් කාන්තාවක් වීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව 17 වන පන්දුවාරයේදී තරඟය ජයගත්තේ කඩුලු 04 ක් පමණක් දැවී තිබියදීයි. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 39 යි. ඒරොන් ෆින්ච් ලකුණු 35 යි. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 24 කට කඩුලු 03 ක් බිද හෙලුවා.

(Neth)