පළමු තරගය ලක්නව් ක්‍රීඩාංගණයේ
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස හා ටෙස්ට් තරගාවලි සංචාරයට අදාළ තරග සටහන නිකුත් වී තිබෙනවා.
ඒ අනුව විස්සයි විස්ස තරග තුනකින් හා ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය ලබන 24 වැනි දා අරාම්භ වීමට නියමිත යි.
එහි පළමු තරගය ලෙස ලක්නව් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන්නේ විස්ස යි විස්ස තරගයක්.
පළමු ටෙස්ට් තරගය මාර්තු 4 වැනි දා සිට 8 වැනි දා දක්වා පැවැත්වෙන්නේ, මොහාලි ක්‍රීඩාංගනයේ දි යි.
දෙවැනි ටෙස්ට් තරගය බැන්ගලෝර් ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනු ඇති.
මෙම ටෙස්ට් තරග දෙක ම ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අදාළ බව යි වාර්තා වන්නේ.
(Aruna)